Follow us:-

Students and researchers from ZNU at Durham Law School
tharunaya.com සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සකස් කරන ලද්දේ :

Dananji Kulathunga
Media Unit - Java Institute

Yureni: Suhail Hasan අපි වැඩේ පටන් ගමුද? බර කතාවක දෙන්නා. හරි‍. අද වෙනකොට ලංකාවේ software engineering කියන එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. මන් හිතන්නේ තරුණ පරම්පරාව අතර හරි popular software engineering කියන එක. ඒවගේම ලංකාවේ ඇතුලත මේකට ලොකු vacuum එකකුත් තියෙනවා. ඉතින් මම මෙතෙක් Suhail Hasan වගේ හුඟක් දෙනෙක්ට කතා කරනකොට මට දැනිච්ච දෙයක් තමයි, Software engineering කියන්නේ වයස් භේදයකින් තොරව සාර්ථකත්වය ලඟා කරගන්න පුළුවන් තමන්ට සහ රටට දෙයක් දෙන්න පුළුවන්, හොඳ වටිනාකමක් තියෙන ලොකු industry එකක්. එහෙම දියුණු වෙන්න පුළුවන් ලොකු සාර්ථකත්වයක්, අඩු investment, අඩු වියදමකින්, අඩු ආයෝජනයකින් ලොකු ප්‍රතිලාභ ලබන්න පුළුවන් industry එකක්. ඉතින් අපි කැමති අද ඔයදෙන්නත් එක්ක කතාකරන්න Suhail Hasan , බොලිවුඩ් නම් දෙකක්. Suhail ඛාන්, කමලා Hasan . කැමති කතා කරන්න, කොහොමද ඔයගොල්ලන්ගේ company එක ආරම්භ වුනේ, මොනවගේ inspiration එකක්ද, මොනවගේ අභියෝගද ඔයගොල්ලන් ජයගත්තේ, මොනවද future plans, මොනවද දෙන්න පුළුවන් පණිවිඩ, software engineering field එකට එන්න බලාපොරොත්තු වෙන තරුණ පරම්පරාවට මොනවද දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද, ඒවගේ දේවල් අපි ඔයගොල්ලොත් එකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කැමති නේද ඔයගොල්ලන්ගේ හැම success secret එකක්ම කියන්න. Right. මුළින්ම මම ශොහෙල්ගෙන් මෙහෙම අහන්නම්. Suhail software engineering කරන්න ඉස්කෝලේ යන කාලේ ඉඳලා කැමැත්තක් තිබුනද, කොහාමද software engineering වලට කැමැත්තක් ආවේ?

Suhail: ඒක ගැන කියන්න ගියොත් පොඩි කාලේ ස්කෝලේ යන කාලේ ඉඳන් software engineering ගැන ආසවක් තිබ්‌බේ නැහැ. මුලින් ඉගෙන ගත්තේ graphic designing. Graphic designing වැඩ කරන් යද්දි තමයි හිතුවේ හරි මේ idea එක මොනවගේ හැදිලා ඇද්ද කියන එක. ඒ වෙලාවේදි ආපු idea එකක් තමයි software engineering කියන field එක. So එතනින් තමයි software engineering එකට මන් move වෙන්න පටන් ගත්තේ.

Yureni: ඔව්. එතකොට software engineering Ok. දැන් ඔයා ඒ graphic designing කරන කොට හිතුවා මේ අපි කරන softwares කොහෙන්ද, කොහොමද හදන්නේ කියන එක interest එකක් ඇවිල්ලා ඔයා software engineering තෝරාගත්තා. කොහාමද ඔයා හරිම තැන තෝරගත්තේ, ඒකට කොහෙන්ද අඩිතාලම දැමුනේ?

Suhail:මුලින් මට ඕනේ දේ මන් search කරලා බැලුවා. Research එකක් දාලා බැලුවා. මට මොකක්ද ඕනේ, මේ path එකට මන් යනවානම් මට මොනවද ඕනේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් එළියට බැහැලා එක එක institute ගිහින් university ගිහින් criterias ටික අරගෙන ඒගොල්ලොන්ගේ subject wise ඔක්කොම compare කරලා බලලා, අන්තිමට Java Institute එක මන් select කරගත්තා.

Yureni: ඒකේ හරිම course එක, හරිම ඔයාට අවශ්‍ය කරන දේ එතනින් ලැබුන නිසා. ඉතින් හරි, එතකොට Java Institute එකේ degree එක කරන ගමන් තමයි මේ business එක පටන් ගත්තේ. සාමාන්‍යයෙන් degree එකක් කරන ගමන් business එකක් පටන් ගන්නවා හරි අඩුයි. නමුත් software engineering අපි හුඟක් දෙනෙක්ට කතා කලොත් degree එක කරන ගමන් ඒගොල්ලෝ business පටන් අරන්. ඒක හරි අරුම පුදුම දෙයක්. ඉතින් කොහොමද ඒක වුනේ?

Suhail: ඔව්. ඒක ගැන කියන්න ගියොත්, මුලින් අපි course එක පටන් අරගෙන පොඩි ideas වගයක් තිබ්බා. Travel industrial එකේ ලොකු trouble එකක් තිබ්බා, fighting එකක්. ඒ කියන්නේ හැම company එකටම තියෙනවා තරඟයක්. ඒ තරඟේ ඒගොල්ලෝ දිනාගන්න කලේ වෙනම staff plus ටිකක් assign කරගෙන air ticketing fares ටික බලන් හිටියා. අන්න එතනින් තමයි මට අහුවුනේ හරි. අපි real client කෙනෙක්ව හමුවෙමු කියලා. එතකොට travelling කරන මට දන්නම කෙනෙක් ගාවට තමයි පොඩියට ගියේ. පොඩියට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ තියෙන issue එක කියන්න මන් solution එක දෙන්නම් කියලා. ඒ solution එකෙන් පටන් ගත්ත ව්‍යාපාරයට මන් නම තිබ්බා Hidaya Solutions කියලා.

Yureni: Hidaya Solution. ඒක තමයි company එකේ නම. Hidaya Solution. අවුරුදු කීයක් පරණද දැන් company එක.

Suhail: මන් 2016 පටන් ගත්තේ Java එකට බැදුනෙත් ඒ අවුරුද්දේමයි.

Yureni:එතකොට Hidaya Solution දැන් ආරම්භ කරලා කොච්චර කල්ද?

Suhail:Hidaya Solution එක ආරම්භ කළේ 2016 වල. ඒ කියන්නේ Java institute එකට join වෙලා මාස 3 කින්.

Yureni:ඒ කියන්නේ Java Institute එකට join වෙලා මාස 3 කින් ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් degree එක කරන්න බැඳිලා මාස 3 න් business එක පටන් ගන්න experience තිබුනද. ඒක මට දැනගන්න කැමති. කොහොමද මාස 3 ක් ඇතුලත business එකක් පටන් ගන්න කොහොමද confidence ආවේ.

Suhail: මාස 3න් පටන් ගන්න අපේ institute වල තියෙන strategy එක, මුලින්ම අපිට software එකක් ඒ කියන්නේ application එකක් build කරන්න දෙන්නේ real client කෙනෙක්ටම. Real client කෙනෙක්ටම. එතකොට අපි industry එකටම බැහැලා. මුලින්ම industry එකට බහිනවා. බැහැලා, real client කෙනෙක් හම්බෙලා, proposal එක දීලා, ඒගොල්ලොන්ගේ request gather කරගෙන, ඒකේ මොකක්හරි අවුල් තියෙනවානම්, ඒක අපි සර්ලගේ මාර්ගයෙන් ඒවා තවදුරටත් build කර‌ගෙන, ඒ‌‌ගොල්ලන්ගේ help එකත් අර‌ගෙන, industry එකටම application එකක් හදලා දෙනවා.

Yureni:ඒ කියන්නේ කෙලින්ම මුහුදටම පනිනවා පීනන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ කොහාමහරි පීනනවා. පීනන ගමන් ඊට පස්සේ ඒක master කරනවා. ඒ කියන්නේ business එකක් පටන් අරගෙන තමයි පටන් ගන්නේ ඔයගොල්ලන්ගේ degree එක. Business එකක් පටන් ගත්තා වගේ තමයි degree එකත් නේද. ඒකේ real client කෙනෙක්ට software solutions provide කරන්න ඔයගොල්ලෝ පටන් ගන්නවා. ඉතින් Hasan ඔයාගේ.. what’s your take on this?

Hasan: ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් අනිත් computer engineering courses follow කරන ළමයි මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ course criteria එහෙම ගත්තම ඇත්තටම ඒකට සාපේක්ෂව අපේ ඇත්තටම advanced. Weight එකක් තියෙනවා හොඳ.

Yureni:ඉතින් විශාල confidence එකක් එනවා. ඒ කියන්නේ no wonder your start of businesses. මේ පළවෙනි අවුරුද්දෙම ඉගෙන ගන්න ගමන් business එක පටන් පටන් අරගන්නවානේ. ඉතින් දැන් ඔය දෙන්නා හම්බුනේ Java Institute එකේමද. දෙන්නා හම්බුනේ. එතකොට දෙන්නා එකතු වෙලා මේ idea එක දාලා Hidaya Solutions පටන් ගත්තා. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ආවම දැන් stressful. අනිවාර්යයෙන්ම field එක stressful. ඒක deadlines තියෙනවා. සමහර වෙලාවට team එකේ members ලා එහෙ මෙහෙ වෙනවා. එතකොට ගොඩක් stress තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ challenges ආවම කොහොමද දෙන්නා විතරක් කතා කරනවද, නැත්තන් team එකක් එකතු වෙලා කතා කරනවද. කොහොමද ඔයගොල්ලෝ මේ සාමාන්‍යයෙන් challenge එකක් ආවම face කරන්නේ, stressful situation කොහොමද face කරන්නේ?

Suhail: සාමාන්‍යයෙන් අපි කියන්න ගියොත් stressful situation අපි ගොඩක් දුරට face කරලා නැහැ. ඒකට හේතුව අපිට strategy එක build වෙලා තියෙන්නේ ඉගෙන ගද්දිම, මුලින් discussion ඊට පස්සේ task. ඒ task ටික කොහොමද බෙදා ගන්න ඕනේ. ඒ task එකට කොහොමද එයාලා වැඩ කරන්න ඕනේ.

Yureni:So very well planned. Planning is the most important thing. නේද planning තමයි 90% ඉතුරු ටික එතකොට falling to place. ඒක නිසා stress නැහැ. Wow මේක හරි interesting. එතකොට Hidaya Solutions වල first success එක කියලා හිතන්න පුළුවන් මොකක්ද මේ අවුරුදු 4 කාලය ඇතුලත, ඔයගොල්ලන්ගේ biggest milestone එක?

Suhail:Biggest milestone එක කියනනේ අපේ first ම project එක තමා.

Yureni: First ම project එක. මාස තුනෙන් පටන් ගත්ත එක.‍

Suhail:මාස තුනෙන් පටන් ගත්ත එක.

Yureni: Okay.

Suhail: Travel industry එකේ තියෙන challenging ම project එක, Travel industry එකක් කියන්නේ අපේ ලංකාවට පිටරටේ ඉදන් සල්ලි ගෙනෙන ලොකුම industry එකක් තමයි දැනට තියෙන travel industry එක. ඒ travel industry එකේ තියෙන trouble එකට solution එකක් තමයි Mr.Robert කියන්නේ. Hidaya Solutions එකේ Dubai එකේ console එකේදි අපි දුන්න පළවෙනි solution එක. Best ම solution එක. ඒ solution එක තමයි first target එක වුනේ. ඒකෙන් තමයි අපි ඉස්සරහටත් ආවේ. ඒ trust එකෙන් build කරාට පස්සේ travel industry එකෙන් ආව context සෑහෙන තොගයක් අපිට හම්බුනා.

Hasan:ඇත්තටම ඒකේ ලොකු wide requirement එකක් තිබ්බා. ඉතින් අපි මාස තුනයිනේ. ඉතින් ඒ අපිට ඉගෙන ගෙනත් තවත් ඕනිවෙන දේවල් තිබ්බා. ඉතින් අපිට ඒක කරන්න ඇත්තටම චුට්ටක් knowledge මදි කිව්වොත් ඉතින්.. අපි ඒ කියන්නේ requirement වගේ හුගක් දේවල් තිබුනා. ඉතින් අපිට අපේ lectures ලා ඇත්තටම හුගක් උදව් කරා. ඉතින් අපි සාමාන්‍ය first level නේ. ඉතින් අපිට හුගක් lectures ලා අපිට උදව් කලා ඒ වැඩේ කරන්න. ඇත්තටම ඒගොල්ලොන්ගේ උදවු නැතුවත් ඒක කරගන්න වෙන්නේ නෑ. ඉතින් අපිට ඒක කොහොමහරි කරගන්න පුළුවන් වුනා. හැබැයි its takes time. Takes time.

Yureni:Takes time. But through patience නේද.. හැම දේකින්ම අර planning, patience මේ හැම දේකින්ම support එකයි හැම දෙයක්ම එක්කම ටික ටික අවුරුදු හතරකට පස්සේ hidaya solution solid company එකක් වෙලා තියෙනවා. තරුණ වයසකින් මෙහෙම freedom එකක්, financial freedom, එතකොට sense of pride.. ඔයාලට achievement එකක් මේ වයසෙදි. මං හිතන්නේ දෙමව්පියන්ට හරිම සතුටු ඇති. තාමත් තරුණ වයසකදි ඔයගොල්ලෝ කම්පැනි එකක් පටන් අරගෙන මේ වගේ සාර්ථක වෙලා ඉන්නවා.

Hasan දැන් ඕගොල්ලෝ company එක දාලා කරපු පළවැනි project එක, travel industry එකට තමයි software solution එක ඕගොල්ලෝ හැදුවේ. එතකොට මේකෙන් පළවෙනියට හාහා පුරා කියලා හම්බවෙච්ච මුදල. මොකද කරේ ඔය දෙන්නා. shopping ගියාද, girlfriends ලට තෑගි අරන් දුන්නද, මොනවද කරේ?

Hasan:මුලින්ම අපේ shares එක ආවා. ඒ කියන්නේ අපේ income එක ආවට පස්සේ අපි share කර ගත්තා. ඊටපස්සේ අපේ අම්මලා තාත්තලාට අපි මුලින් මුල්ම විදිහට අරන් දුන්නා තෑගි ටිකක්. ඉතින් ඊට පස්සේ ඇත්තට company එකක් හැටියට ඉස්සරහට form වෙන්න නම් company එක සම්බන්ධයෙන් හුඟක් වැඩ කටයුතු තියෙනවා. registration, එතකොට පොඩි infrastructures. ඉතින් ඒවට චුට්ටක් අපි වියදම් කරා. ඇත්තට හොඳ space එකක් ඕනේ client කෙනෙක්ට අපේ ගැන හොඳ trust එකක් ඇති වෙන්න. ඉතින් අපි ඒ ඕනි කරන තැන් ටික බලලා.

Yureni: ඒ කියන්නේ හම්බ කරපු මුදල් 80% ක් විතරම ඕගොල්ලෝ නැවත reinvest කරා business එකට. ඒක තමා කරන්න ඕන. ස්ථානෝචිත ප්‍රඥ්ඥාව. ඒක තමයි කල යුතු දේ. ශොහෙල්ට මොනවා හරි contribute කරන්න තියෙනවද?

Suhail: ඔව්. Hasan කිව්වා වගේ තමයි. අපි A/L කරලා ඉවර වෙලා අපි කරපු මුල්ම වැඩේ Java Institute එකට බැඳිලා තමයි මාස 3 කින් විතර මේක පටන් ගත්තේ. So අපිට payments ටික ගෙවන්න තිබ්බා class එකේ. අපේ ක්ලාස් එකේ payment එකත් ගෙව්වේ ඒ project එකෙන් හම්බ කරපු සල්ලි වලින්.

Yureni:හරි සුන්දර මතකයන් නේද? Hasan ට හිනත් ගියා. මං හිතන්නේ හරි සුන්දර කාලයක්.‍

Yureni:විඳපු දුකනේ. නමුත් අද ඒ හැම දේකම සාර්ථක ප්‍රතිඵල නෙලා ගෙන තියෙනවා. හරි තීරණ අරගෙන තියෙනවා. හරි guidence එකක් යටතේ හරි දේවල් කරලා තියෙන නිසා අවුරුදු 4 ක් වැනි කෙටි කාලයක් තුළ ඉතාමත් සාර්ථක තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙහෙම දේවල් වෙනකොට දැන් හරි පොඩි තරුණ වයසකින්නේ සාර්ථක වෙලා තියෙන්නේ ඕගොල්ලෝ. එතකොට සමහර වෙලාවට පර්සනල් ලයිෆ් එක පොඩ්ඩක් එහෙම දැන්, අපි හිතන්නේ මෙහෙම successful company එකක කම්පියුටර් එකක් ඉස්සරහ ඉඳගෙනම මේකේ කාලේ වැය කරන්න ඕන. personal life එක මඟහැරෙනවද? ඕගොල්ලොන්ට දැන් success එක taste කරනවා ඕගොල්ලො හරි young age එකකදි. එතකොට තව ටෙම්ප්ට් වෙනවා ඒ දේවල් පස්සේ. එතකොට ඕගොල්ලන්ට personal life එකක් කියන දේ නැතුව යනවද? නැත්නම් ඕගොල්ලෝ කොහොමද balance කරගන්නේ ඒ දේ?

Suhail: balancing ගැන අපි කියන්න ගියොත් family එකේ අපි මුලින් පටන් ගද්දි ලොකු stress එකක් තිබ්බා. ඇයි, අපි මුළු කාලෙම දීලා තිබ්බේ අපේ.........

Yureni:ඔව්. please අම්මි කතා කරන්න එපා, තාත්ති කතා කරන්න එපා, වැඩ මං computer එකේ වැඩ. එන්න එපා මගේ කාමරේට. එහෙම නේ. කාමරේට උදේට ගියාම රෑ වෙනකන් දෙමව්පියෝ දකින්නේ නෑ ඕගොල්ලොන්ගේ මූණ.

Suhail:අන්න හරි.ඒක තමයි අපේ situation එක වෙලා තිබ්බේ. ඊටපස්සේ යන්න යන්න අපි තේරුම් ගත්තා අපි social life එකේ ඉඳන් දුරස් වෙනවා කියලා. ඊටපස්‌සේ තමා අපි plan කරන්න පටන් ගත්තේ. හරි අපි මේක task එකකට බෙදා ගමු. තනියෙන් කරන දේ share වෙලා කරද්දි stress එක අඩුයි.

Yureni:stress එක අඩුයි. එතකොට ඕගොල්ලොන්ට වෙලාවක් තියෙනවා. තමන්ට සෝෂල් ලයිෆ් එකක්, මොකද ලයිෆ් එකත් enjoy කරන්න එපැයි. success එක විතරක් නෙවෙයිනේ අපි, life එකේ දේවල් achieve කරන ගමන් හැමදේම බැලන්ස් කරන්න ඕන. personal life තියෙනවා, යාළුවෝ හම්බවෙන්න ඕන, තමන් ආස දේවල් කරන්න ඕනේ නේද? ඉතින් ඒ දේවල් වලට ඕගොල්ලෝ ඊටපස්සේ ඒකත් හැමෝම එක්ක tasks share කරලා ඔයගොල්ලො වෙලාව හැම කෙනාටම ඉතුරු කර ගන්නවා.

Hasan:ඉතුරු කර ගන්නවා. software engineer කෙනෙක් කිව්වම ඇත්තටම දවසම ඉතින් computer එක ඉස්සරහා ඉඳලා type කර කර ඉන්න character එකක් නෙමේ. කිව්ව ගමන් ඒකනේ හිතෙන්නේ. ටිකක් අවුල්, කණ්ණාඩි කුට්ටමකුත් දාගෙන, අපිත් එහෙම තමයි හිතුවේ. හැබැයි පොඩ්ඩක් මුල් කාලේ වෙනකොට අපි දෙන්නා විතරනේ හිටියේ. අපි up කරපු ඒ travel software එක බලලා, recommendation එකෙන් තමයි, softwares එන්න පටන් ගත්තෙ. ඉතින් තව developersලා programersලා hire කරන්න, requirement analysts ලා තව hire කරන්න චුට්ටක් අපිට බෑ, ඒ වෙලාවේ පොඩි financial tightness එකක් තිබ්බා. ඉතින් අපිම තමයි ඒ වැඩ බැහැලා කලේ. දැන් ok. දැන් අපි instruct කරනවා ඒගොල්ලන්ට මේ මේ දේවල් මෙහෙම මෙහෙම වෙන්න ඕන කියන එක. පොඩ්ඩක් struggle කරන්න ඕනේ ඒ තැනට එන්න. struggle කරාට පස්සේ අපේ instruction එකෙන් ඉන්නවා. සාමාන්‍යයෙන් software එකක් හදන්න හැම වෙලේම බෑ. pleasant of mind එකක් පොඩ්ඩක් අවශ්‍යයි. මොකද client කෙනෙක්ගේ, stakeholder කෙනෙක්ගේ requirement එකක් අපි තේරුම් ගන්න නම් අපි පොඩි pleasant of mind එකක් ඕනේ. ඉතින් අපි ඒ mind එක pleasant එකේ තිබ්බොත් තමයි, අපිට ඒගොල්ලන්ව instruct කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් පොඩ්ඩක් starting time එකේ පොඩි trouble එකක් තිබ්බා, දැන් ok.

Yureni:දැන් මෙහෙම දෙයක් තියෙනවා Hasan . හුඟක් වෙලාවට කට්ටිය හිතනවා software engineering කරලා පිටරට යන්න ඕනේ කියලා දියුණූ වෙන්න. මොකද dollars වලින් හම්බ කරන්න පුළුවන්. ලොකු demand එකක් තියනවා software engineering. එහෙම තියෙද්දි ඇයි ඔයාලා ලංකාවේ company එකක් හදන්නේ?

Suhail: ඇයි අපි europ side වලට ගියේ නැත්තෙ කියන එක තමයි ප්‍රශ්නේ. ඒක ගැන කියන්න ගියොත් කොහේ ගියත් අපි හම්බකරන්නෙ මුදල් තමයි. ඇයි අපිට ඉන්න තැනේදි හම්බකරන්න බැරි කියන thought එක මම ගාව තියනවා. අපි වෙන රටකට ගිහින් අපි ඒ රටට හම්බකරලා දෙන එකට වඩා අපේ මව් රටට යමක් කරන්න ඕනි. ඒ කියන්නේ අපි මෙහේම ඉපදිලා, මෙහේම ජීවත්වෙලා, මෙහේම ඉගෙනගෙන වෙන රටවල් ඇයි පෝසත් කරන්නෙ. එතකොට අපි කලින් කරපු travel project එකෙන් අපිට ගොඩක් influence හම්බවෙලා. USA, France, New Zealand, Australia, UK වගේ රටවල් වලින් අපිට clients ලා එන්න පටන්ගත්තා. එයාලගේ project කරද්දි පිටරට තියන සල්ලි අපිට ලංකාවට ගේන්න පුළුවන් වුනා. එතකොට future ඒකේදි ඒගොල්ලන්ගේ සල්ලි අපිට ලංකාවට ගේන්න පුළුවන්නම් අපිට අපේ තැන ඉඳගෙනම වැඩ පෙන්නන්න පුළුවන්.

Yureni:මම හිතන්නෙ ඔය කියන විදිහට අපි තව අවුරුදු 50 න් විතර Software engineering field එක ලංකාවේ වෙන level එකකට ගියොත් අපිට තුන්වෙනි ලෝකේ රටක් වගේ ඉන්න ඕනි නෑ. අපි 1st world country එකක් වෙයි. ඒක කරන්න පුළුවන් හැම කෙනෙක්ම මේ හිතන විදිහට හිතුවොත්, Suhail වගේ හිතුවොත්. මම හිතනවා අපේ අනාගත පරම්පරාව තමන්ගෙ වගකීම, අපි අපි ගැන හිතනවා අපෙන් විය යුතුකම් වගකීම් තියනවා අපේ රටට. මම හිතන්නේ එතනදි තමයි පළවෙනි ලෝකයේ රටවල් ගොඩක් දියුණූ එතනයි. ඔවුන්ට ඔවුන්ගේ රටවල් ගැන ලොකු දේශාභිමානයක් තියනවා. නමුත් අපේ කට්ටිය හිතනවා අපි තෙවන ලෝකයේ අපි ඩොලර් වලින් හම්බකරන්න, දියුණුවෙන්න රට යන්න ඕනි කියලා. මම හිතන්නෙ ඒ කාලේ වෙනස් වෙන්න ඕනි. අපේ ලංකාවේ ඉඳගෙන අපිට දියුණුවෙන්න පුළුවන්. අපිට ලංකාවේ ඉඳගෙන ලෝකෙට වැඩ පෙන්නන්න පුළුවන්. ඉතින් බොහොම ස්තූතියි ඒ කියපු දේට. මම හිතනවා ශොහෙල්ථ Hasan ව බලන් ඉඳලා අපේ කතාව අහපු තරුණ තරුණියන්ට ඔයාලගේ ජීවිතයට යම්කිසි දෙයක් එකතු කරගන්න ඇති. දැන් ගොඩක් ගෑනු ළමයිනුත් ඉන්නවානේ මේ field එකේ. දැන් යන යන තැන ගැහැණු ළමයි රජ කරනවා. එහෙමත් ප්‍රශ්නයක් තියනවා දැන් ඔයාලට. Software engineering field එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවානම් ඔයගොල්ලන්ට යම්කිසි ගැටළු තියනවානම්, සැකයක් තියනවානම් කොහොමද මේ field එකේ යන්න පුළුවන්, දියුණුවෙන්න පුළුවන් කියලා මම හිතනවා ඔයගොල්ලන්ට idea එකක් එන්න ඇති කියලා මේ ගොල්ලන්ගේ stories අහලා. ඉතින් බොහොම ස්තූතියි ඔයාලගේ solutions වලට. තව තවත් දියුණුවෙන්න කියලා අපි wish කරනවා. 2021 ඔයගොල්ලන්ට තවත් වාසනාව ගේන තවත් සාර්ථකත්වය ගේන වසරක් වේවා කියලා අපි wish කරනවා. Thank You very much අපිත් එක්ක එකතුවුනාට.